ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා කවුරුන්ද යන්න කෙරෙන විමසා බැලීමක්.
1. දිමුත් කරුණාරත්න (ආරම්භක පිතිකරු 1)
පිතිකරණ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙක් හෙයින් එංගලන්ත තණ තීරුවල හොඳින් දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙකි. එමෙන්ම ස්කොට්ලන්තය සමඟ තරඟයේ ලකුණු 77 (88) ලබා එක් දින තරඟ සඳහාද ඔහුගේ ඇති සුදුසුකම ප්‍රදර්ශනය කරන ලදි.
2. අවිශ්ක ප්‍රනාන්දු (ආරම්භක පිතිකරු 2)
නවක ක්‍රීඩකයෙක් වුවද ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙස නමක් දිනා සිටී. මීට පෙර එංගලන්ත තණ තීරුවල හොඳින් දස්කම් දක්වා ඇති අතර ස්කොට්ලන්තය සමඟ තරඟයේ හයේ පහර තුනක් සමඟ ලකුණු 74 (78) ලබා ගන්නා ලදි.
3. ලහිරු තිරිමාන්න (හෝ කුසල් මෙන්ඩිස්)
පිතිකරණ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙක් හෙයින් එංගලන්ත තණ තීරුවල හොඳින් දස්කම් දැක්විය හැකි අතර ස්කොට්ලන්තය සමඟ තරඟයේ මෙන්ම දෙවන පෙරහුරු තරඟයේ ද හොඳින් ලකුණු රැස් කරන ලදි. මෙවර ලෝක කුසලානය තරඟාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයා බවට පත්විය හැක.
4. කුසල් ජනිත් පෙරේරා
ආරම්භක පිතිකරුවෙකු වුවද මෑත කාලයේ තරඟවලදී මැද පෙළ ක්‍රීඩාකර හොඳින් දස්කම් දැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා ලොකු වගකීමක් පැවරේ.
5. ධනංජය ද සිල්වා
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වුවද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස සැලකේ. කණ්ඩායම සමබර වීම සඳහා පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද සාර්ථක වීම කණ්ඩායමට අත්‍යාවශ්‍ය වේ.
6. ඇන්ජලෝ මැතිව්ස්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පළපුරුදුම පිතිකරුවා බැවින් ලෝක කුසලානය තරඟාවලියේ වැඩි වගකීමක් පැවරී ඇත. එමෙන්ම තරඟයක් ජයග්‍රහණය කරා රැගෙන යාමේ හැකියාවෙන් යුක්තයි.
7. මිලින්ද සිරිවර්ධන (හෝ ජීවන් මෙන්ඩිස්)
ප්‍රහාරාත්මක පිතිකරුවෙක් මෙන්ම පා දඟ පන්දු යවන්නෙකු ලෙසද දස්කම් දැක්විය හැක.
8. ඉසුරු උදාන (හෝ තිසර පෙරේරා)
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මෑත කාලයේ හොඳින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.
9. ලසිත් මාලිංග
ලෝක කුසලානය තරඟාවලිය තුල ජාත්‍යන්තර මාධ්‍ය මඟින් දක්ශතා ගැන කථා කෙරෙන එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වේ.
10. සුරංග ලක්මාල්
ස්කොට්ලන්තය සමඟ තරඟයේ මෙන්ම පෙරහුරු තරඟවලදී ද හොඳින් පන්දු යැවූ, එමෙන්ම එංගලන්ත තණ තීරුවල හොඳින් දස්කම් දැක්විය හැකි පන්දු යවන්නෙකි.
11. නුවන් ප්‍රදීප්
ස්කොට්ලන්තය සමඟ තරඟයේ මෙන්ම පෙරහුරු තරඟවලදී ද හොඳින් පන්දු යැවූ, එමෙන්ම එංගලන්ත තණ තීරුවල හොඳින් දස්කම් දැක්විය හැකි පන්දු යවන්නෙකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම කඩුලු ලාභියා බවට පත්විය හැක.

- ලහිරු තිරිමාන්න වෙනුවට ආදේශකයෙකු අවශ්‍යවුවහොත් ඒ සඳහා කුසල් මෙන්ඩිස් සුදුසු වේ. මෑත කාලයේ දැක්වූ දක්ෂතා ස්ථාවර නොවීම දැකිය හැකි දුර්වලකමකි.
4. කුසල් ජනිත් පෙරේරා
ආරම්භක පිතිකරුවෙකු වුවද මෑත කාලයේ තරඟවලදී මැද පෙළ ක්‍රීඩාකර හොඳින් දස්කම් දැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා ලොකු වගකීමක් පැවරේ.
5. ධනංජය ද සිල්වා
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වුවද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස සැලකේ. කණ්ඩායම සමබර වීම සඳහා පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද සාර්ථක වීම කණ්ඩායමට අත්‍යාවශ්‍ය වේ.
6. ඇන්ජලෝ මැතිව්ස්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පළපුරුදුම පිතිකරුවා බැවින් ලෝක කුසලානය තරඟාවලියේ වැඩි වගකීමක් පැවරී ඇත. එමෙන්ම තරඟයක් ජයග්‍රහණය කරා රැගෙන යාමේ හැකියාවෙන් යුක්තයි.
7. මිලින්ද සිරිවර්ධන (හෝ ජීවන් මෙන්ඩිස්)
ප්‍රහාරාත්මක පිතිකරුවෙක් මෙන්ම පා දඟ පන්දු යවන්නෙකු ලෙසද දස්කම් දැක්විය හැක.
- මිලින්ද සිරිවර්ධන වෙනුවට ආදේශකයෙකු අවශ්‍යවුවහොත් ඒ සඳහා ජීවන් මෙන්ඩිස් සුදුසු වේ.
8. ඉසුරු උදාන (හෝ තිසර පෙරේරා)
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මෑත කාලයේ හොඳින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.
- අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන තිසර පෙරේරා පිතිකරුවෙකු ලෙස මෑත කාලයේ දස්කම් දැක්වූවද කඩුලු ලබා ගැනීම අතින් දුර්වල වීමද, ලකුණු ලබා දීමේ වේගය ඉහල අගයක් ගැනීම හේතුවෙන් පන්දු යවන්නෙකු ලෙස අසාර්ථක තත්වයක් පෙන්නුම් කරයි. ඉසුරු උදාන වෙනුවට ආදේශකයෙකු ලෙස වඩා සුදුසු වේ.