අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය 2019
ක්‍රිකට් ලෝක කුසලානයට පෙර සූදානම
මැයි මස 30 වන දින එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 2019 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කණ්ඩායම්වල පෙර සූදානම පිළිබඳ කෙටි විමසා බැලීමක්.

|
එංගලන්තය හා පකිස්ථානය
එංගලන්තය හා පකිස්ථානය අතර තරඟ පහකින් යුතු එක් දින තරඟාවලියේ ප්‍රථම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වේ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 80 ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරඟය අතහැරදමන ලදි. ඉමාම් උල් හක් ලකුණු 42 (62). එංගලන්ත වේග පන්දු ක්‍රීඩක ජොෆ්රා අර්ච(ර්) පන්දු වාර 4 ලකුණු 6 කට කඩුලු 1යි.

බටහිර ඉන්දීය කොදෙව් හා බංගලිදේශය
බටහිර ඉන්දීය කොදෙව්, බංගලිදේශය සහ අයර්ලන්තය අතර තුන්කොන් එක් දින ක්‍රිකට් තරඟාවලියක් මේ දිනවලදී අයර්ලන්තයේ දී පැවැත් වේ.
බටහිර ඉන්දීය කොදෙව් හා අයර්ලන්තය සමඟ පැවති ප්‍රථම තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වේ. පළවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 365 ක සබඳතාවයක් පවත්වා ගනිමින් ලෝක වාර්ථාවක් පිහිටවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෝන් කැම්බල් හා ෂයි හෝප් සමත් විය. කැම්බල් පන්දු 137 කදී ලකුණු 179 ක් ද, හෝප් පන්දු 152 කදී ලකුණු 179 ක් ද ලබා ගනිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට හොඳ අඩිතාලමක් දමා ගත්තා. (World Record Partnership of 365 Runs - Highlights බලන්න)
එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංගලිදේශය අතර පැවති 2වන තරඟය කඩුලු 8 කින් ජයග්‍රහණය කිරීමට බංගලිදේශ කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ බංගලිදේශ කණ්ඩායම මෙවරත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පෙරලිකාර කණ්ඩායමක් වීමේ ලකුණු පෙන්වනවා.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය
ඔස්ට්‍රේලියා XI හා නවසීලන්ත XI කණ්ඩායම් අතර පැවති පෙරහුරු තරඟ 3න් දෙකක් ඔස්ට්‍රේලියා XI කණ්ඩායමද එකක් නවසීලන්ත XI කණ්ඩායමද ජය ගැනීමට සමත් විය.
3වන තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත XI පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ට ලකුණු 286 ක් ලබා ගත් අතර ඔස්ට්‍රේලියා XI පිල පන්දුවාර 44 කදී කඩුලු 5ට ලකුණු 248 ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරඟය නවත්වන ලදී. ඒ අනුව ඩක්වත් හා ලුවිස් තරඟ න්‍යායට අනුව කඩුලු 5ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමිවිය. ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 91 (108).
ඇෆ්ගනිස්ථානය
ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය අතර පැවති පළවන එක් දින තරඟය වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් නොයවාම අතහැරදමන ලදි.
ඉන්දියාව
ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ දිනවලදී පැවැත්වෙන IPL තරඟාවලියේ ක්‍රීඩා කරන අතර එහි අවසාන තරඟය මැයි 12 වන දින මුම්බායි ඉන්දියන්ස් පිල හා චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර පැවැත් වේ.
ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමඟ එක් දින තරඟ දෙකක් ස්කොට්ලන්තයේදී ක්‍රීඩා කිරීමට නියමිත අතර එයින් පළවන තරඟය 2019 මැයි මස 18 වන දින පැවැත්වේ.
දෙවන තරඟය මැයි මස 21 වන දින පැවැත්වෙන අතර ඉන්පසු ලෝක කුසලාන තරඟාවලියේ පෙරහුරු තරඟ 2කට සහභාගී වේ. ඒ මැයි මස 24 දකුණු අප්රීකාව සමඟ සහ මැයි මස 27 ඔස්ට්‍රේලියාව සමඟය.
ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරඟය ජූනි මස 01 වන දින නවසීලන්තය සමඟ පැවැත්වේ.